Tue. Jul 1st, 2025

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරු කොටුවෙයි

Jun26,2024

ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් තිබූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු මෙරටින් පලායාමට උත්සාහ දැරීමේ දී අත්අඩංගුවට ගැණුනා.

නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 200ක් සහිතව ජාකෝබ් පුතා බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටිනවා.

මෙය අත්අඩංගුවට පත්වීමත් සමඟ එහි හිමිකරු මාලදිවයිනට පලායාම සඳහා කටුණායක ගුවන් තොටුපලට පැමිණ සිටි අවස්ථාවේ ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තා.

මීගමුව පළගතුරය ප්‍රදේශයේ පදිංචි මොහු 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

වැඩිදුර විමර්ශන සඳහා මෙම පුද්ගලයා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *