“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත්, තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර 2024 ජූලි 31 දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළ හොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා.