උතුරු නැගෙනහිර පැවැති සිවිල් යුද්ධයෙන් අතුරුදහන් වූවන් සංඛ්‍යාව 6,047ක් පමණක් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කරනවා.
ජර්මානු ජාතික රූපවාහිනි නාලිකාවක් වන වන ‘ඩොයිෂ වෙල (DW)’ වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සබ්‍රි ප්‍රකාශ කරන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) අතුරුදහන් වූ බවට වාර්තා වී ඇත්තේ පුද්ගලයන් 6,047 ක් පමණක් බවයි.
කෙසේ වුවත් ස්වර්ගස්ථ මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් රජයේ දත්ත භාවිතා කරමින් උගත් පාඩම් හා සංහිඳියා (LLRC) කොමිසමට දුන් ලිඛිත ප්‍රකාශයට අනුව උතුරේ යුද මුක්ත කලාපයට ඇතුල් වූ සහ යුද්ධයෙන් පසු ඉන් පිට වූ පිරිස අතර වෙනස 147,600කට ආසන්නයි.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) වාර්තාවකින් ද එම සංඛ්‍යාව 100,000ක් දක්වා ඉහළ අගයක් විය හැකි බව පෙන්වා දෙනවා.
අමාත්‍ය සබ්රිගේ මෙම අදහස් පළ කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය ජිනීවාහි ආරම්භ වීමට දින කිහිපයකට පෙර වන අතර සැප්තැම්බර් 9 වැනිදා සමාරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
අමාත්‍ය අලි සබ්‍රි යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික නීති උපදේශකයෙකු ලෙස ද කටයුතු කළා.