වවුනියාව දිස්ත්‍රික්කය තුළ ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වවුනියාව මහ රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනි සුජානි මහත්මිය 2 දා ප්‍රකාශ කළාය.
වවුනියාව මහ රෝහලේදී පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ ගතවූ මාස පහ ඇතුළතදී වවුනියාවෙන් ලාදුරු රෝගීන් 126 දෙනකු හමුවී ඇති බවයි.
එම රෝගීන්ගෙන් 69 දෙනකු හමුවී ඇත්තේ වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයෙන් බැවින් සෙට්ටිකුලම රෝහල තුළ ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස වෙනම හා විශේෂ ඒකකයක් පිහිටුවන බවද කියා සිටියාය.
එමෙන්ම එම පළාත තුළ විශේෂ පරීක්ෂණ කීපයක් ඉතා ඉක්මනින්ම දියත් කිරීමටද බලාපොරොත්තු වන අතර ලාදුරු රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන වැඩසටහන් ගණනාවක්ම මේ වන විටත් සෙට්ටිකුලම පළාත තුළ ක්‍රියාත්මක බවද වවුනියාව මහ රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනි සුජානි මහත්මිය ප්‍රකාශ කළාය.