Sat. Jun 28th, 2025

පිළිකා රෝගීන් ප්‍රමාණය ඉහළ යා හැකියි

Jun18,2024

මිලියන 18ක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන 22ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය පවසනවා.

පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය එලෙසින් වර්ධනයවුවත් දැනුවත්භාවය තුළින් එය සැලකිය යුතු තත්ත්වයක් දක්වා පාලනය කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළා.

පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (18) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ වර්ෂ 2018දී මිලියන 9.6ක් වූ පිළීකා රෝගී මරණ ප්‍රමාණය වර්ෂ 2030දී මිලියන 17ක් පමණ වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනුමාන කරන බවයි.

පුරුෂ පාර්ශවය අතර බහුලව ව්‍යාප්ත වන මුඛ පිළිකා බුලත් විට සැපීම හේතුවෙන් වැළදෙන බව පෙන්වා දුන් වෛද්‍යවරිය, දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්‍රිත පිළිකා වර්ධනය වන බව ප්‍රකාශ කළා.

මත්පැන් හා අනිකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *