Wed. Apr 30th, 2025

රටින් පැනලා ද? රටම හොයන සෙව්වන්දි ගැන පොලිසිය කියන අලුත් කතාව

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරිය තවමත් රට තුළ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා වැඩිදුරටත් පැවසුවේ රටින් පිටවිය හැකි යැයි සිතන සෑම ස්ථානයක් සඳහාම මේ වනවිට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

පසුගිය 19 වැනිදා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එහි ප්‍රධාන සැකකරුට ගිනිඅවිය ලබා දී තිබුණේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි අදාළ සැකකාරියයි.

එම අපරාධය සිදුකිරීමෙන් පසු ඇය මේ වන තෙක් අතුරුදන්ව ඇති අතර, ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *