Sat. Jun 28th, 2025

නව ජනපතිගේ නව ආණ්ඩුකාරයාට බිලියන ගණනක ජාවාරම් චෝදනාවක්!

Oct4,2024 #news #slpolitics

ජනපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත දැවැන්ත චෝදනාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් එල්ල කරනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් එක්ස්ෆෝ ලංකා නම් සමාගමේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ බවත්, එම සමාගම සාවද්‍ය ඉන්වොයිසකරණය හරහා ඩොලර් බිලියන 56ක ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස පිටරට ලෙස යවා ඇති බවත් පවසනවා.

ආණ්ඩුවේ අනෙකුත් ප්‍රධාන පත්කිරීම් සම්බන්ධයෙන්ද ඔවුන් චෝදනා එල්ල කරනවා.

“දැන් ලංගම සභාපති විදිහට පත් කරපු කෙනා තමයි ගෝඨාභය ආණ්ඩුවේ ලංගම හිටියෙ. දැන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර විදිහට පත්කරල තියනවා අනීෆ් යූසූෆ්. මොහු තමයි එක්ස් ෆෝ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට හිටියේ. පහුගිය කාලේ සාවද්‍ය ඉන්වොයිසකරණය හරහා ඩොලර් බිලියන 56ක පමණ ප්‍රමාණයක් නීති විරෝධී විදිහට පිටරටවලට ගෙනිහින් තියනවා. ඒ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ මේ එක්ස් ෆෝ ලංකා සමාගම. 2018 – 19 මූල්‍ය වර්ශයේ මේ සමාගමේ ශුද්ධ ලාභය තිබුණෙ රුපියල් මිලියන 1909ක් විදිහට. හැබැයි 2021 – 22 මූල්‍ය වර්ෂය වෙද්දි මේ මුදල රුපියල් මිලියන 72792ක් දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා. එතකොට මේක 36% ගුණයක ලාභය ඉහළ යාමක්. පහුගිය කොවිඩ් අර්බුදය කාලේ මේ සමාගම කොහොමද මෙච්චර තමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගත්තෙ? එතකොට ඒ සමාගමේ විධායක ප්‍රධානියා එකතු කරගෙන මේ ආණ්ඩුව යන්න සූදානම් වෙන ගමන මොකක් ද? එතකොට මේ සමාගම් මෙච්චර ලාභයක් හෙව්වෙ කොහොමද කියන කාරනය ගැන විමර්ශනයක් වෙලා තියනවද?”

ජයගොඩ වැඩිදුරටත් විමසා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *