ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන Onmax DT නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට කඩිනමින් විමර්ශන අවසන් කර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.
සැකකාර Onmax සමාගමේ මුදල් ආයෝජනය කිරීම සඳහා ජනතාව පොළඹවමින් බයිනෑන්ස් ගිණුම් හරහා ජනතා මුදල් වංචා කළ එම සමාගමේ දෙවැනි පෙළ නියෝජිතයෙකු යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නුවර ප්‍රදේශයේ ඉසුරු පියමාල් අමරසේකර සැකකරු නොවැම්බර් 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
දිනේෂ් චතුරංග නමැති සැකකරු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඉසුරුම් පියුමාල් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ බයිනෑන්ස් ගිණුම් හරහා මුදල් ආයෝජනය කිරීම සඳහා සැකකරු විසින් තැන්පත්කරුවන්ව පොළඹවා ඇති බවයි.
රුපියල් බිලියන 1.3 මුදලක් වංචා කර ඇති බවට පැමිණිලි මඟින් අනාවරණය වන බවයි වැඩි දුරටත් සඳහන් කළේ.
අගතියට පත් තැන්පත්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සී.ආර්.ටී.එම් 441 ආකෘති පත්‍රයක් සකස් කර දිවයිනේ සියලු පොලිසිය වෙත පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති බවත් අගතියට පත් පැමිණිලිකරුවන්ට ඒ ආකෘතිය පත්‍රය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් සඳහන් කළා.