ජනවාරි 09 දා මෙම වසරට අදාළ විසර්ජන පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එයට අනුව මේ වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4218ක් වෙනවා.
එහි ආරක්ෂක අමාත්‍යංශය සඳහා ඇස්තමේන්තුගත කර ඇති පුනරාවර්තන වියදම රුපියල් මිලියන 382000 ක් වෙද්දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 206000ක මුදලක් පමණක් බව වාර්තා වෙනවා. එම අමාත්‍යංශයේ මූලධන වියදම් ලෙස මිලියන 65000ක් වෙන් කර ඇති අතර සමස්තයක් ලෙස බලද්දී 2025 වසරේදීත් අධ්‍යාපනයට වඩා ආරක්ෂාව වෙනුවෙන් මුදල් වැය කිරීමට ජාතික ජනබලවේග රජය තීරණය කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේග කොටස් මෙයට පෙර පැවති රජයන් සමයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවේචන ගෙන එනු ලැබුවා.