නව ජනපතිවරයා විසින් වැඩබලන පොලිස්පති ලෙස පත් කරනු ලැබූ ජෙ.නි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව පසුගිය කාලයේ පලිගැනීම් රැසක් ක්‍රියාත්මකව තිබූ බව ගවේෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පවසනවා.
ඔහු මේ බව ඔහුගේ යූටියුබ් නාලිකාවේ හෙළිදරව් කර තිබුණා. මෙම පලිගැනීම්වලට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් මේ නිලධාරියා කටයුතු කළ බවයි තරිඳු පවසන්නේ.
රනිල් වික්‍රමසිංහ පාලන සමයේ දේශපාලන හේතු මත අවම වශයෙන් ස්ථාන මාරුවීම් 6ක් පමණ ලබා දී තිබු අතර දවස දෙක යාමටත් පෙර ස්ථාන මාරුවීම් ලබා දී තිබුණා.
මෙම පලිගැනීම් ක්‍රියාවලියේ වැඩියෙන්ම යෙදී සිට ඇත්තේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩතහනමකට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන් බවයි මාධ්‍යවේදියා තවදුරටත් හෙළි කරන්නේ.
කෙසේ වෙතත්, නව වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස්පති ධුරය දක්වා පැමිණි පළමු නිලධාරියා ලෙස සටහන් ව තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්වීම් පටිපාටිය අනුව මෙය දුෂ්කර ගමනක් බවයි බොහෝ දෙනා පවසන්නේ.