කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) අනුයුක්තව සේවය කරමින් සිටියදී අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාසිටින පොලිස් පරීක්ෂකවරයෙකුගේ කට සිරමැදියේ සිටි තවත් රැඳවියෙකු විසින් තියුණු ආයුධයකින් කපා තිබේ.
ඊට හේතුව වාර්තා වී නොමැති අතර අදාළ පොලිස් නිලධාරියාගේ තුවාලවලට මැහුම් 8ක් පමණ දමා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.