කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිට ලැබුණු පළමු දුරකතන ඇමැතුම පෙර ඇමැතිවරයා විසින් භාවිතා කළ දුරකතන සම්බන්ධතාවයේ හිඟ බිල ගෙවන්නැයි දුරකතන සමාගමෙන් දුන් ඇමතුමක් බව වාර්තා වෙනවා.
පෙර සිටි ඇමැතිවරයා රුපියල් 24,220ක බිලක් මෙසේ නොගෙවා පැහැර හැර ඇති බවයි ඇමැතිවරයා චෝදනා කරන්නේ. අමාත්‍යංශ විනශ වූයේ මෙවැනි කටයුතු නිසා බවද ඔහු පවසනවා.
“මගේ අමාත්‍යංශ්‍යට ගියාම ඇමැතිවරයාට දෙන ටෙලිෆෝන් එකක් තියනවා. මම ගිහිල්ලා හවස හතරහමාරට විතර කෝල් එකක් ආවා. මම හිතුවා එක්කො මට සුබ පතන්න කවුරු හරි වෙන්න ඇති නේද කියලා ආසාවෙන් ගත්තා.
කර්මාන්ත අමාත්‍යංශයෙන්ද කතා කරන්නෙ කියලා සැරට කතා කළා, නෝනා කෙනෙක්. මම ටිකක් බයත් වුණා. 24,220ක් හිඟ තියනවා හෙට උදේ ගෙව්වෙ නැත්නම් කපනවා කිව්වා.
මගෙන් ඇහුවා කවුද කතා කරන්නෙ කියලා, කියන්නයැ ඇමැති කියලා. මම කිව්වා වැඩ කරන කෙනෙක් කතා කරන්නෙ ලොකු මහත්තුර ඔක්‍කොම ගිහිල්ලා. හෙට උදේ ලොකු මහත්තුරු ආවට පස්සෙ ගෙවන්න කියන්නම් කියලා.”
යනුවෙන් ඇමැතිවරයා කියා සිටියා.