Fri. Jun 27th, 2025

“ආජන්ටිනාවේ කෝටිපතියා ගල්ගමුවේ ඉස්කෝලෙ භාර ගන්නවද?”

ඉතියෝපියාවෙන් කෝටිපතියන් ගෙනවිත් ලංකාවේ පාසල් වල සුහුරු පන්ති කාමර හදනවා වැනි බබ්බු වගේ කතන්දර කියන සජිත් ප්‍රේමදාස වැනි අය රටේ නායකත්වයට නොව ඇමතිකමකටවත් සුදුසු දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඊයේ ජාඇල පැවැති හමුවක් අමතමින් ලෝකේ ඉන්න කෝටිපතියන් සල්ලි ඔළුව උඩ තියාගෙන අපේ රටේ පාසල් දියුණු කරන්නට ඒවිදැයි යනුවෙන් ද ජනාධිපතිවරයා ප්‍රශ්න කළා.

“පාසල් දස දහසකට සුහුරු පන්ති කාමර ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහත්තයා පැවසුවා. ලෝකෙ වටේම කෝටිපතියන් දස දහසක් හොයාගෙන ඒ අයට පාසල බැගින් භාර දෙන බව සජිත් ප්‍රේමදාස පැවසුවා. මං අහන්නේ රුමේනියාවේ ඉන්න කෝටිපතියා රාගම පාසල භාර ගන්නවද? ආජන්ටිනාවේ ඉන්න කෝටිපතියා ගල්ගමුවේ ඉස්කෝලෙ භාර ගන්නවද? අපේ තානාපතිවරුන්ට මේ කෝටිපතියන් හොයාගෙන එන්න කියනවලු. නැත්නම් ඒ අය ඉවත් කරනවාලු. අපිට තානාපති කාර්යාල පනහක්වත් නැහැ. ඉතියෝපියාවෙන් කෝටිපතියන් හොයන්නද කියන්නේ? කියුබාවේ කෝටිපතියො ඉන්නවද? කැලිෆෝනියාවට ගිහින් වැලිමඩ ඉස්කෝලේ හදන්න කියලා කෝටිපතියකුට කතා කළා කියමු. එයා කුණුහරුප නොකියාවි කියලා ඔබ හිතනවද? ලෝකෙ ඉන්න කෝටිපතියෝ සල්ලි අරගෙන ඔළුව උඩ තියාගෙන අපේ ඉස්කෝල දියුණු කරන්න ඒවිද? ඔහොම මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න පුළුවන්ද? මොකක්ද මේ.  බබ්බු කියලා හිතනවද?” රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *