Sat. Jun 28th, 2025

බොලිවියාවේනූ හමුදා නායකයා අත්අඩංගුවට

Jun27,2024

බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළ බොලිවියාවේ හමුදා නායකයා පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට හමුදා නායක ජෙනරාල් ජුවාන් හොසේ සුනිගායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

බොලිවියාවේ ලා පාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට බොලිවියානු හමුදාව කඩා වැදී තිබුණේ බලය අත්පත්කරගනිමටයි.

එම සිද්ධියෙන් පැය කිහිපයකට පසු බොලිවියානු පොලිසිය කුමන්ත්‍රණය සඳහා උත්සාහ කළ එරට හමුදා නායකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

බොලිවියාවේ ජනාධිපති ලුයිස් ආර්ස් මෙම කුමන්ත්‍රණය දැඩි ලෙස හෙළා දකින බව විදෙස් මාධ්‍ය පවසනවා.

බොලිවියානු ජනයා බිලිගැනීමේ කුමන්ත්‍රණට යළිත් ඉඩ නොදෙන බවයි එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *