Sat. Jun 28th, 2025

වෙරළ සංරක්ෂණයට අදාල නීති අලුත් වෙයි

Jul23,2024

වෙරළ සංරක්ෂණයට අදාල නීති යාවත්කාලීන කර තිබෙනවා.

වෙරළ දූෂණය හා අනවසර ඉදිකිරීම් පාලනය කිරීම මෙහි අරමුණ වන අතර මෙරට වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ සැලැස්ම ඒ අනුව යාවත්කාලීන කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

ඊට අදාල කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයු.

1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කලමනාකරණ පනත යටතේ ශ්‍රී ලංකාවේ වෙරළ කලාප කලමනාකරණය කිරීම සදහා “ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ කලමනාකරණ සැලැස්ම” පිලියෙල කර ක්‍රියාත්මක කරනු ලබයි. වසර පහකට වරක් මෙම සැලැස්ම යාවත්කාලීන කිරීම නීතිමය අවශ්‍යතාවයක්.

2024 වර්ෂයේදී ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ කලමනාකරණ සැලැස්ම යාවත්කාලීන කෙරෙනුයේ ඒ අනුව බව ඇමතිවරයා සඳහන් කළේ.

2024 වර්ෂයේදී සම්පාදනය කෙරෙන ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ කලමනාකරණ සැලැස්ම 2008 සහ 2018 වර්ෂයන්වලදී සම්පාදිත සැලසුම්වල ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ මූල්‍ය, ආයතනික, තාක්ෂණික සහ අනෙකුත් ගැටළු පිළිබද අවධානය යොමු කරමින් සම්පාදනය කෙරේ. ඒ අනුව වෙරළ තීර කලමණාකරණය, වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර කලමනාකරණය, වෙරළබඩ දූෂණය පාලනය කිරීම, විශේෂ කලමනාකරණ ප්‍රදේශ, නියාමන යාන්ත්‍රණය (වෙරළබඩ සංවර්ධන කටයුතුවලදී අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය.) යන කරුණු පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු කිරීමට අපේක්ෂිතයි.

මෙම අධ්‍යයනයන් සිදුකිරීම ඒ ඒ විෂය ක්ෂේත්‍රයට අදාල විශේෂඥයන්ගේ ද, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන්ගේ ද සහභාගීත්වය යටතේ සිදු කෙරිණ. ප්‍රජා සංවිධාන හා මහජනතාවගේ අදහස් හා යෝජනාද සැලකිල්ලට ගෙන නව නීති සම්පාදනය සිදුවන බව සඳහන්

මේ වසරේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉරණවිල, උප්පාරු, කිරිමුන්දලම, මූතූර්, කාර්තිව්, නින්දවුර්, බූස්ස, තල්දියවත්ත, කොග්ගල, සයින්දමරුදු, මාලීගිල්කාඩු, කාත්තන්කුඩු සහ උස්වැටකෙයියාව යන වෙරළ තීරවල හදිසි වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 14ක වැඩ අවසන් කර ඇත. සංවර්ධන කාර්යන් සඳහා විද්‍යුත් බලපත්‍ර 520ක්ද නිකුත් කර තිබෙනවා.

වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් 30ක් සහ කඩොලාන සිටුවීමේ වැඩසටහන් 04ක් දැනටමත් මේ වසරේදී සිදු කර ඇති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 300ක්.

මේ වසර තුළ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. එම ව්‍යාපෘති සිදු කෙරෙන්නේ කළුතර කැලිඩෝ, ලුනාව, උතුරු උඩප්පුව, නින්දවුර්, සයින්දමර්දු, මුතූර්, මැඩිහ, මූදුකටුව, කහව, ඉරණවිල සහ බණ්ඩාරමුල්ල ප්‍රදේශවලයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *