Thu. Jun 26th, 2025

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනය ගැන අලුත්ම හෝඩුවාව

Jul18,2024

හිටපු ක්‍රිකට් ක්‍රීඩයෙකු වන ධම්මික නිරෝෂණ ඝාතනයට පැමිණි අය භාවිත කළ බවට සැකකෙරෙන ග්ලවුස් 6ක් සොයා ගැනුනා.

අම්බලන්ගොඩ බෝගහවත්ත කන්දමාවත ප්‍රදේශයේ පිහිටි ධම්මික නිරෝෂණගේ නිවස ඉදිරිපිටදී නාදුනන පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පළා ගොස් තිබුණා.

මිය ගිය ධම්මික නිරෝෂණ 41ක් හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු විදෙස් රටක සේවය කොට දිවයිනට පැමිණ තිබුණේ මාස කිහිපයකට පෙර බවයි පොලිසිය පැවසුවේ.

ඔහු 2002 වසරේ 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළා.

සැකකරුවන් නිවස පිටුපස ඇති පාලු ඉඩමකින් පැමිණ වෙඩි තබා පළා ගිය බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් තුන් දෙනෙකු මෙසේ පළා යන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබෙනවා.

මේ අතර මෙම ඝාතන සැකකරුවන් භාවිත කර ඇති බවට සැකකෙරෙන සර්ජිකල් ග්ලවුස් 6ක් සොයා ගැනුනා.

ඇල්පිටිය , රන්දොඹේ , සංගරාජ මාවතේ මැදවත්ත හංදියේ ඇළ මාර්ගයක දමා තිබියදියි මේවා සොයා ගෙන ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *