Sun. Jun 29th, 2025

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹෙයි

Aug5,2024

සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු විය.

එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (අගෝ.05) අළුයම යෙදී තිබූ සුබ මෙ‍ෙහාතින් සිටුවීම සිදු කළේය.

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *