Sun. Jun 29th, 2025

යතුරුපැදියක් සහ ගිලන් රථයක් ගැටීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

Jul19,2024

යතුරුපැදියක් සහ ගිලන් රථයක් (AMBULANCE) මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අනතුර සිදුවී තිබුණේ අද (19) අලුයම් කාලයේදී.

ගාල්ල කොළඹ මාර්ගයේ තරුණ සේවා මාවත හන්දියේදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බලපිටිය රෝහලට අයත් ගිලන් රථයක(AMBULANCE) ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 22 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *