Sat. Jun 28th, 2025

ඊශ්‍රායෙල් ටර්මිනේටර් ලංකාවේ සැරිසරයි!

Dec20,2024 #news #police #world

පලස්තීන වැසියෙකු මරා දමා මෘතදේහයට අවමන් කළ බවට චෝදනා එල්ල වී ඇති සොල්දාදුවෙකු වන ගැල් ෆැරන්බුක් නම් ඊශ්‍රායෙල් ජාතිකයා ලංකාවට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ටර්මිනේටර් නම් අන්වර්ථ නමකින් හඳුන්වන මොහු අත්අඩංගුවට ගන්නා ලෙස මෙරට බලධාරීන්ගෙන් නිල වශයෙන් දන්වා ඇති බවද ආරංචි පළ වෙනවා.

මෙම සොල්දාදුවා පසුගිය අගෝස්තු 9 දා ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළ කර ඇති අතර එහි දැක්වෙන මළ සිරුරක් සහ දෙබසක් පදනම්ව මෙම චෝදනාව එල්ල කෙරෙන බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *