ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබු වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී නඩුවක අදාල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තර කර පාර්ශවයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව වාරණ නියෝගය මේ මස 25 වන දක්වා දීර්ඝ කරන ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.