Sun. Jun 29th, 2025

IMF තුන්වෙනි ණය වාරිකයට අනිද්දා අත්සන් තබයි

Jun10,2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන තුන්වෙනි ණය වාරිකය සඳහා අනිද්දා දිනයේ දී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා..

තුන්වැනි ණය වාරිකයට අනිද්දා දිනයේ දී අනුමැතිය ලැබුණ ද වැදගත් නවීකරණයන් කිහිපයක් සිදුකිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

අයිඑම්එෆ් පිළිබද එහි අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2024 මැයි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබු නිර්දේශවලින් 25%ක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටින බව පවසනවා.

එසේ ඉටුකළ යුතුව තිබු කැපවීම් 63න් 32ක් ඉටුකර ඇති අතර 16ක් ඉටුකර නැති ලෙසත් 15ක් නොදනී ලෙසත් දක්වා තිබෙනවා.

මෙම කැපවීම් 16න් 7ක්ම මූල්‍ය කළමනාකරණය අදාළවයි.

6ක් මූල්‍ය විනිවිදභාවයත් 3ක් දූෂණ මර්දන ක්‍රියාවලටත් අදාළ වනවා.

ඔවුන්ට අනුව රටේ වත්මන් ආර්ථික අර්බුදයට මූලික හේතුන් ලෙස හදුනාගෙන ඇත්තේ විනිවිදභාවයේ / කළමනාකරණයේ හා දූෂණ මර්දන කටයුතුවල දුර්වලතායි. අයිඑම්එෆ් මගින් ආසියාතික රටක සිදුකෙරුණු පළමු ඇගයීම ද ශ්‍රී ලංකාව වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *