Sat. Jun 28th, 2025

ස්වාමියා මරා බිරිඳත් වස පානය කරලා

May4,2024

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹුසැමි යුවළකගේ මළසිරුරු දෙකක් නෙඩුන්කේණී පොලිසිය විසින් ඉකුත් 02 දා සවස සොයා ගෙන තිබේ.

ප්‍රධාන නිවසේ පදිංචිව සිටි තිදරු පියෙකු වන 47 හැවිරිදි වේදනායගම් ලෝගනාදන් නමැත්තා කැපුම් තුවාල සහිතව මියගොස් සිටියදී ඔහුගේ මළසිරුර සොයා ගෙන ඇති අතර බිරිඳ වන 37 හැවිරිදි ලෝගනාදන් පරමේශ්වරී නමැත්තියගේ මළසිරුර සොයා ගෙන ඇත්තේ ප්‍රධාන නිවසට මඳක් දුරින් පිහිටි වෙනත් නිවසක් තුළ තිබියදීය. මේ දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිවීම නිසා කලක සිට ඔවුන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් ජීවත් වූ බව අසල්වාසීන් නෙඩුන්කේණී පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මියගොස් සිටින ස්වාමිපුරුෂයාගේ බෙල්ල ඇතුලු ස්ථාන ගණනාවක කැපුම් තුවාල දක්නට ලැබීමටත් බිරිඳගේ මෘත ශරීරයෙන් කිසියම් වස වර්ගයක කටුක ගඳක් හමා යෑමත් නිසා පොලිසිය සැක කරනු ලබන්නේ බිරිඳ විසින් ස්වාමියාව කපා කොටා ඝාතනය කොට ඇය වස පානය කරන්නට ඇති බවයි.

නෙඩුන්කේණී පොලීසිය විසින් ඔවුන් දෙදෙනාගේ මළසිරුරු පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *