Sat. Jun 28th, 2025

බිරිඳට තුති පුදා සැමියා එල්ලී මැරිලා

Jul4,2024
Representational image. Photo: iStock/Wachiwit

කලක් තිස්සේ තම බිරියගෙන් වෙන්ව යතුරුපැදි අලෙවිසලක් පවත්වාගෙන යන ලද කිරිඳිවැල පොලිස් වසමේ පැපිලියවල, මණ්ඩාවල පාරේ, 179/2 පදිංචිව සිටි ජයතු භාග්‍යසිත් උඩකන්ද (34) නමැති අය තම බිරිය කලක් තිස්සේ තමන්ට කළ සේවයට ස්තුති පුද කර ජංගම දුරකතනයට පණිවුඩයක් යවා එදින රාත්‍රියේ තමා පමණක් පදිංචිව සිටි නිවෙසේ කාමරයක එල්ලී දිවි නසාගෙන සිටි බව සොයා ගෙන තිබෙනවා.

ඔහු ජපන් රටේ නිෂ්පාදිත අබලන් වූ යතුරුපැදි මිලට ගෙන සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කරන අලෙවිසලක් පවත්වාගෙන ගිය අයෙක්.

එක් දරු පියකු වන ඔහු කලක සිට බිරිය සමග අමනාප වීම නිසා ඇය ඔහු අතහැර දරුවා සමඟ ඒ ආසන්නයේ පදිංචි තම මවුපියන්ගේ නිවෙසට ගොස් තිබෙනවා.

යතුරුපැදි අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයකු බවට පත්ව සිටි අයකු වන අතර, සෑම දිනකම පෙරවරු 9.00 වන විට සියලු වැඩ අවසන් කර වෙළෙඳසල ද විවෘත කරන නමුත් මෙදින දහවල් වනතුරුත් නිවෙස සහ වෙළෙඳසල විවෘත නොකිරීම හේතුවෙන් ඥතීන් හා අසල්වැසියන් සොයා බැලීමේදී බිරියට ලැබී තිබු දුරකතන පණිවිඩය ගැන සැලකිල්ල යොමු කර නිවෙස සමීපයට ගොස් දොර ජනෙල්වලට තට්ටු කර කතා කර ඇත.

නමුත් නිහඬතාවයක් තිබූ බැවින් ජනේලයක් කඩා විපරම් කළත් කිසිම තොරතුරක් නොවූයෙන් ජනේලයෙන් ගේ තුළට පැන නිවෙසේ කාමර පරීක්ෂා කිරීමේදී කාමරයක් තුළ මෙසේ ගෙල වැලලාගෙන එල්ලී සිටින බව දැක කිරිඳිවැල පොලිසිය ද දැනුම්වත් කර එම නිලධාරීන් පැමිණි පසු සිරුර බිමට ගෙන තිබෙනවා.

පසුව පරීක්ෂා කිරිමේදී ඔහු මියගොස් ඇති බවට අනාවරණය වූයෙන් දොම්පෙ හදිසි මරණ පරීක්ෂක මෘත දේහය පරීක්ෂා කර බලා ගෙල වැලලා ගැනීමක් නිසා සිදු වූ මරණයක් බවට සැක සහිත බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය වතුපිටිවල රජයේ රෝහලට රැගෙන යන ලෙස දන්වා ඇත.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී උපුල් පතිරණ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය කරන ලදුව ගෙල වැලලා ගැනීම නිසා හුස්ම හිරවීමකින් සිදු වූ මරණයක් බවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෘත දේහය පවුලේ අයට භාර දී ඇති අතර කිරිඳිවැල පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් නන්දලාල් මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතා විසින් පරීක්ෂණ මෙහෙයවන ලදී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *