Sat. Jun 28th, 2025

තේ වෙනුවට කසිප්පු විකුණු හෝටලය

Jul22,2024

මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් තිස්සේ සිදු කළ කසිප්පු ජවාරමක් වැටලීමක දී කසිප්පු බෝතල් 08
ක් සමඟ අද දින පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

හෝටලයේ හිමිකරු සහ සේවකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර සේවකයා කලක් යුද හමුදාවේ විශේෂ බළකායේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලැබූ අයෙක්

ගැනුම්කරුවෙකු පැමිණි විට හෝටලයේ තේ හදන ස්ථානයේ ඇති අඬු කෝප්පයකට දමා කිසිප්පු ලබා දී තිබෙන බවත් දෛනිකව මෙම ස්ථානයේ කිසිප්පු බෝතල් 10 ක් පමණ මේ ආකාරයට අළෙවි කර තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ

මහනුවර පොලීසිය පෙනෙන මානයේ ඇති මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම කසිප්පු ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *