Sat. Jun 28th, 2025

ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කෙරේ

Jul22,2024

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ඊයේ (21) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා .ගෙන තිබෙනවා

ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණි සාගල රත්නායක මහතා පළමුව කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ ඒ මහතා කතරගම සමන් මහා දේවාලය ඇතුළු සෙසු දේවාල වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත් අතර ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කිරීමට ද එක් වුණා.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනය වූ ඊයේ (21) දින පෙරහර ආරම්භ කරමින් සිංහරාජා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් පුදබිම වෙත පැමිණ සිටි බැතිමතුන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වීමට ද සාගල රත්නායක මහතා එක්වුණා.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *