මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇත්තේ 2024 වසරේදී බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම ප්‍රමාණය 312836ක්.
පසුගිය වසර 6 තුළ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස්ගතව තිබෙනවා.
2024 වසරේ රැකියා සඳහා විදෙස්ගත වුණු 312836න් වැඩිම පිරිස එනම් 77546ක් රැකියා පිණිස ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයටයි. දෙවැනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 51550ක් ගොස් තිබෙනවා.
දකුණු කොරියාව වෙත 7098ක් ද ඊශ්‍රායෙලය වෙත 965ක්ද ජපානය වෙත 8665ක්ද ගොස් තිබෙනවා.
මේ වසරේ නොවැම්බර් මාසය වන විට විදේශ විනිමය ඇමරිකා ඩොලර් මිලියන 6462ක් ලැබී තිබෙන අතර එය සැලකිය යුතු වැඩිවීමක් බවයි වාර්තා පවසන්නේ.