ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බවත් ඉන් එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් .
උතුරු ක්වීන්ස්ලන්ඩ් හි කේන්ස් නගරයේ ඩබල් ට්‍රී බයි හිල්ටන් හෝටලයේ වහලය මතටයි හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ.
අද අලුයම 01:50 ට පමණ අනතුර සිදු වුණා.
යානය කඩා වැටීමෙන් පසු ගින්නක් ද හටගත්තා.
හෝටලයේ රැඳී සිටි අමුත්තන් සිය ගණනක් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා.
හෙලිකොප්ටරයේ සිටි එකම පුද්ගලයා එහි නියමුවායි.
ඔහු එම ස්ථානයේදීම මිය ගිය අතර හෝටල් අමුත්තන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හෙලිකොප්ටරය අනවසරයෙන් ගුවන් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.