Sat. Jun 28th, 2025

ආණ්ඩුවේ සූදානම අපව දඩයම් කරන්නයි: නාමල් රාජපක්ෂ

Jan29,2025 #news #slpolitics

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව තමාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු පවසන්නේ මෙම නඩුව හරහා ආණ්ඩුව තම අසාර්ථකත්වය  ප්‍රදර්ශනය කරන බවයි. මේ පිළිබඳව තමා මාධ්‍ය මගින් දැනගත් බවත් යහපාලන සමයේද මෙම කාරණය පිළිබඳව විමර්ශනය කළ බවත් මේ සිදුවන්නේ රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් බවත් ඔහු දක්වනවා.

තමා අධිකරණය පිළිබඳව විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජයගනු ඇති බවට විශ්වාස කරතැයිද එහි සඳහන් වෙනවා.

ජනතා ප්‍රශ්න ගැන අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව මෙම චෝදනා ගෙන එන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *