Sat. Jun 28th, 2025

වාහන ආනයනයට ආණ්ඩුව කැමැතියි!

Oct5,2024 #news #vehicle

2025 ජනවාරි මස සිට වාහන ආනයනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එසේ වාහන යළි ගෙන්වීමේදී විශාල වශයෙන් බදු අය කෙරෙන බවට පැතිර යන කටකතා අසත්‍ය බව පවසන එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මෙසේ කටකතා පතුරුවන්නේ වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් බව වැඩිදුරටත් කියා සිටියා.

කටකතාවල සඳහන් වන ආකාරයට 600%ක් බදු පනවා වාහන ආනයනය කළහොත් කිසිවෙකු වාහන මිලට නොගනු ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.

වාහන ආනයනය කිරීමෙන් පසුව වර්තමානයේ අසාමාන්‍ය ලෙස මිල ඉහළ ගොස් ඇති වාහන මිල සාමාන්‍ය තත්වයට පත් වනු ඇති බව සංගමය කියා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *