Sat. Jun 28th, 2025

රජය මැති – ඇමැති වරප්‍රසාද ගැන දෙගිඩියාවක!

Nov29,2024 #2024 #news #slpolitics

මන්ත්‍රීවරුන් – ඇමැතිවරුන් වෙනුවෙන් මෙතෙක් පැවැති වරප්‍රසාද සම්බන්ධයෙන් තීරණ ගැනීම තවදුරටත් කල් ගොස් ඇතැයි වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුප් සහ සුඛෝපභෝගී වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුව ඇතත් තවමත් ඒ් පිළිබඳව නිශ්චිතව තීන්දුවක් ගෙන නැහැ.

පසුගිය දා මන්ත්‍රීවරුන් සඳහා පැවැති වැඩමුළුවේදී මෙම වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණද එය සිදුව නැති බවද වාර්තා වෙනවා.

මන්ත්‍රී වැටුප්, ගිනි අවි, ගිනි අවි පුහුණුව, අඩු පොලියට ලැබෙන ණය මුදල, දුරකතන දීමනාව ආදී වරප්‍රසාද සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සාකච්ඡා මට්ටමේ බවයි දැනගන්නට ඇත්තේ.

ජාතික ජනබලවේගය රජයේ මේ සම්බන්ධයෙන් මත කිහිපයක් පවතින බැවින් අවසන් තීන්දුවක් ගැනීම තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අවසන් තීරණයක් ගැනීමේ දී මැති ඇමැති වරප්‍රසාද සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා ජනපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාද සැලකිල්ලට ගනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *