ජංගම දුරකථනය ආරෝපණය ( චාර්ජ් ) කිරීමට යෑමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසනවා
මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි විහිඟි නෙතාෂා නමැති දැරියක බව පොලිසිය කීය. මියගොස් ඇති දැරිය නිවසේදී ජංගම දුරකථනයක් ආරෝපණය කිරීම සඳහා සූදානම් වීමේදී විදුලි සැරවැදී ඇති අතර, බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමේදී , ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇති බව සඳහන් වේ.
මෘතදේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට යොමු කිරීමට නියමිත බව සඳහන් වේ. පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.