Mon. Jun 23rd, 2025

මහ ඡන්දෙන් ජනාධිපති ධුරයේ පැවැත්ම තීරණය වෙයි: ජාජබ

Oct6,2024

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජනබලවේගයට වෙත ලැබෙන ජන වරම අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමෙන් ද නැතහොත් සංශෝධන ගෙන ඒම මගින් ද යන්න තීරණය කරන බව එම පක්ෂයේ ජාතික විධායක කමිටු සභික නීතිඥ සුනිල් වටගල පවසනවා.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්තිද පසුගිය දා ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායක මෙරට අවසන් විධායක ජනපතිවරයා වනු ඇති බවයි.

ජාතික ජනබලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආගමනය වන 1994 පටන් විධායක ජනපති ක්‍රමයට එරෙහිව සටන් කළ පක්ෂයක් වනවා.

ජාතික ජනබලවේගයේ මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ද විධායක ජනපති ධුරය අවසන් කරන බවට වන පොරොන්දුවක් ඇතුළත් කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *