Sat. Jun 28th, 2025

ජනපති මිටිය අතට ගනී – පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව සූදානම්

Jul19,2024 #breaking news #ranil

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහාය ලබා නොදුනහොත් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගැසට් පත්‍රය සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් ලබාගැනීමට ජනාධිපතිවරයාට අභියෝගයක් වී ඇති නිසා ඇතිවන අවිනිශ්චිතතාවයන් සමනය කරගැනීම සඳහා මෙම යැයි කියමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මත ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැමිණීමේ ඉඩක් ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරනවා.

ඒ අනුව පවතින දේශපාලනය වෙනත්ම දිශාවකට වෙනස්වීමේ තත්වයක් මේ වන විට මතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමේ කටයුත්ත අත්හිටුවන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති සැක සංකා ගැන සලකා බලමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *