කාන්තාවන්ගේ අංගච්ඡේදනය තහනම් කිරීමට ගැම්බියා පාර්ලිමේන්තුව කටයුතු කළා.
කාන්තාවන්ගේ අංගච්ඡේදනය තහනම් කරමින් 2015 වසරේ දී ගැම්බියා පාර්ලිමේන්තුවේ නීති සම්මත කෙරුණා.
ඊට වරදකරු වන පුද්ගලයෙකුට වසර 3ක් දක්වා සිරදඩුවම් ලබාදීමේ හැකියාව නව නීති හරහා අධිකරණයට හිමිවුණා.
කෙසේ වුව ද අදාළ නීතිය සංශෝධනය කරමින් මෙම වසරේ දී ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හරහා කාන්තා අංගච්ඡේදනය සාපරාදී ක්‍රියාවක් නොවන බවට පත්කිරීමට ගැම්බියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමක් උත්සහයක නිරත වනවා.
එය ගැම්බියා සමාජයේ ගැඹුරින් මුල්බැස ගත් සංස්කෘතික හා ආගමික චාරිත්‍රයක් බවයි ඔවුන් සදහන් කරන්නේ.
කෙසේ වුව ද අදාළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ගැම්බියා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තම ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.