Sat. Jun 28th, 2025

ක්ලබ් වසන්ත ඝාතකයින්ට ඉන්න හිටින්න තැන් දුන් හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

Aug29,2024 #club wasantha #murder

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බව පැවසෙන බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි මස 08 වැනි දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ක්ලබ් වසන්ත ඝාතනයට ලක්ව තිබුණි.

අදාළ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සහ නයන වාසල නම් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා

මේ අතර එම ඝාතනයට පැමිණි දෙවැනි වෙඩික්කරුවා සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ බවට සැළකෙන රියදුරාව ඊයේ (28) පානදුර පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන පැවැත්වූ පොලීසිය විසින් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *