වසර 46ක කාලයක් තිස්සේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණී මාවතේ රජයේ නිවසක් පරිහරණය කරමින් සිටි හිටපු ඇමති පී. දයාරත්න ඊයේ (31) එම නිවස අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාර දී තිබුණා.
1977 එජාපයෙන් අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් වූ දයාරත්න සියලු දේශපාලන කටයුතු සඳහා මේ නිවස භාවිත කර තිබුණා. 2015 පාර්ලිමේන්තු අසුන පැරදීමෙන් පසුවද එවකට පැවැති රජයන්ගේ අවසරය මත ඔහු මෙහි රැඳී සිට තිබුණා.
අම්පාර හිටපු මන්ත්‍රීවරු වන තිලක් රාජපක්ෂ සහ විමලවීර දිසානායකත් පසුගිය දා තමන් රැඳී සිටි නිවෙස් නැවත භාර දී තිබුණා.