Sat. Jun 28th, 2025

දකුණු කොරියාව බලා පිටත්ව ගිය ගුවන් යානය ආපසු කටුනායකට

Jul8,2024

කටුනායක සිට දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා ගමන් ඇරඹූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 470 දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (07) පස්වරුවේ යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය ඊයේ (07) දින සවස 06.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම ගුවන් ගමන සදහා ඒ.- 330 – 300 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 144 දෙනෙකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනෙකු ද ගමන් කර තිබුණා.

ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් සීමාව පසු කිරීමට ආසන්නයෙන් ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා ආපසු හරවා යළිත් රාත්‍රී 08.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබෙනවා.

මෙම ගුවන් මගීන් පිරිස රැගෙන වෙනත් ගුවන් යානයක් දකුණු කොරියාව බලා පිටත් කර හැරීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *