මෝටර් වාහන කර්මාන්තය සදහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් හදුන්වාදුන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) යටතේ දේශීයව නිෂ්පාදනය කරන ලද Cargo ට්‍රක් රථයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත හදුන්වා දීම කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරුණා
අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇති අංශ 7 අතරින් මෝටර් වාහන කර්මාන්තය ප්‍රධාන ස්ථානයක් ගනියි.
ශ්‍රී ලංකාව තුළ වාහන නිෂ්පාදනය හා එකලස් කිරීමේ කටයුතු සිදුකරන දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර් සමාගම විසින් නිෂ්පාදිත මෙම සෙනාරෝ Cargo ට්‍රක් රථය 60% කටත් වඩා දේශීයව නිෂ්පාදනය කරනු ලබන උපාංග වලින් සමන්විත වනවා.
විශේෂයෙන්ම චැසිය හා පිටුපස Cargo තට්ටුව සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය කර ඇති අතර මෝටර් වාහන චැසියක් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙයයි.