13 හැවිරිදි දියණිය ඉදිරිපිට දී අඹුසැමි යුවලක් විසින් පුද්ගලයෙකුට ආරක්ෂක හිස් වැස්මකින් සහ කුරුඳු පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසනවා
සිද්ධියත් සමගම සැකකාර අඹු සැමි යුවළ ප්‍රදේශය අත්හැර පලා ගොස් ඇති බවයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනීය දෙල්දොර වත්ත ප්‍රදේශයේ පදිංචි කුලී වැඩවල නිරත ගයාන් රුක්මාල් 35 නැමැත්තෙක්.
මියගිය පුද්ගලයාගේ බිරිඳ මීට වසර අටකට පමණ ඉහතදී වෙනත් පුද්ගලයකු සමග පලායාමෙන් අනතුරුව පිහි ප්‍රහාරයට ලක්ව ඝාතනය වී තිබූ අතර දැරිය නැන්දනියකගේ සෙවනේ හැදී වැඩී තිබූ බව පොලි කළා.
දැරියගේ වියදම් වෙනුවෙන් එකී නැන්දනිය වෙත ඝාතනයට ලක් වූ පුද්ගලයා මාසිකව රුපියල් 8000/= ක මුදලක් ගෙවිය යුතු බව අධිකරණ නියෝගයක්ද වසර කීපයකට ඉහතදී නිකුත්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ (11) නැන්දනිය දහතුන් හැවිරිදි දැරියත් සමඟ එකී මුදල් ඉල්ලීම සඳහා ඝාතනයට ලක් වූ දැරියගේ පියා පදිංචිව සිටින නිවස වෙත පැමිණ තිබූ අතර ඔහු එම අවස්ථාවේ එහි නොමැති වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් මාර්ගයේ පැමිණීමේදී දියණියගේ පියා ඉදිරියට හමුවීතිබෙනවා
එම අවස්ථාවේදී පියා (ඝාතනයට ලක් වූ පුද්ගලයා ) ඔහුගේ යතුරුපැදිය මඟ හරස් කර” මට ළමයා ඕනෙ” යැයි නැන්දනියට පවසා ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවීමෙන් පසු ඇය විසින් ඇයගේ ස්වාමිපුරුෂයාට පැවසීමත් සමග ඔහුද යතුරුපැදියෙන් එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ සමගම සැකකාර නැන්දණිය විසින් අත දරාගෙන සිටිය ආරක්ෂක හිස් වැස්මෙන් දැරියගේ පියාට හිසට පහර දී ඇති අතර ඒ සමගම මාමණ්ඩිය කුරුඳු පොල්ලක් රැගෙන එයින් පහරදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම පහර දීමෙන් ආරක්ෂක හිස් වැස්ම කැබලි කීපයකට කැඩී ඇතැයිද පොලිසිය සඳහන් කළා.
බරපතළ තුවාල ලද පුද්ගලයා 1990 සුවසැරිය ගිලන්තයෙන් හොරණ මූලික රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව පැය 15 කට පමණ පසු අද අලුයම මියගිය බව රෝහල් ප්‍රකාශකයකු සිටියා