විමලසුරෙන්ද්‍ර ජල විදුලිබලාගාරයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු (14) සැකපිට අත්අඩංගුවට ගත් බව නොර්ටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පවසනවා.
එම ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා රැඳී සිටින එම විදුලිබලාගාරයේ නේවසිකාගාරයක ගංජා වවා ඇති බවට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා වයස අවුරුදු 35 – 40 වයස්වල පසුවන අය බවත්, එම සැකකරුවන් දෙදෙනා (15) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.