Sat. Jun 28th, 2025

වරායේ ඇටකටු ගොඩගැනීම අද ඇරඹෙයි

වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් අතරතුරදී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට ව‍ෙරවුමේ මතු වූ මිනිස් අස්ථි කොටස් ගොඩගැනීමේ කටයුතු අද (05) ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියෝග කළා.

මෙම නියෝග නිකුත් කළේ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

මහේස්ත්‍රාත්වරයකුගේ අධීක්ෂණය යටතේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහභාගිත්වයෙන් පොලිස් රැකවල් මැද මෙම කටයුතු සිදු කරන ලෙස වරාය පොලිසියට එම නියෝගය මගින් දන්වා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *