Sat. Jun 28th, 2025

පන්නිපිටිය ධර්මපාලේ විදුහල්පතිනියගේ නල්ලමලේ නීතියෙන් විභාග මධ්‍යස්ථානය දින තුනකට වැහිලා!

Jan17,2025 #education #news

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂාවට ගවුම් හැඳ පැමිණි ගුරුවරියන් පිරිසකට පාසලට පිවිසීමට පාසලේ ආරක්ෂක නිලධාරීන් බාධා කර තිබෙනවා.‍

පාසල් පැවැත්වෙන දිනයක් හෙයින් පාසලේම කොටසක පිළිතුරු ඇගයීමේ මධ්‍යස්ථානය පැවැත්වෙන හෙයින් සාරි ඇඳගෙන ආ යුතු බව ආරක්ෂකයන් තරයේ පවසා ඇති අතර, පිළිතුරු ඇගයීමේ මධ්‍යස්ථානය පාසලට සම්බන්ධ නැති බවත් තමන් වගකියන්නේ විභාග දෙපාර්තමේන්තුවට බවත් ගුරුවරියන් පැවසීම නිසා තත්වය වඩාත් උණුසුම්ව තිබෙනවා.

ෙකෙසේ වෙතත් තමා ක්‍රියාත්මක කරන්නේ විදුහල්පතිනියගේ නියෝග බව ආරක්ෂකයින් තරයේ පැවසීම නිසා පොලිසියද එතැනට පැමිණ තිබෙන අතර තත්වය පාලනය කිරීමට ඔවුන්ටද නොහැකි වී තිබෙනවා.

එබැවින් විභාග කොමසාරිස්වරයා දුරකතනය ඔස්සේ උපදෙස් ලබා දී විභාග මධ්‍යස්ථානය දින තුනකට වසා දමා තිබෙනවා.
පාසල් වෙත මව්වරුන්ට පවා පහසු ඇඳමකින් සැරසී පැමිණීමට නොහැකි ලෙස ඒවායේ ආරක්ෂාවට සිටින පිරිස් කටයුතු කිරීම නිසා දැඩි අපහසුතාවන්ට ලක්වන බවයි මව්වරුන් පිරිසක්ද පවසා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *