ඇහැළියගොඩ පොලිස් වසමේ පරකඩුව ප්‍රදේශයේ නිවසක ඊයේ(14) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් 73 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
තම දියණිය හා ඇයගේ සැමියා සමග මෙම මියගිය තැනැත්තා එකම නිවසේ ජීවත්ව සිට ඇති අතර ඔවුන් සමග දියණියගේ සැමියාගේ කලින් විවාහයේ දරුවෙකුද ජීවත්ව සිට තිබෙනවා.
ඔහු විසින් පදිංචි නිවසේ අයිතිය ඉල්ලා තම පියා සමග ඇතිකරගත් ආරවුල බේරීමට මරණකරු විසින් උත්සාහ ගෙන ඇති අතර එහිදී මුණුබුරා විසින් තල්ලු කර බිම ඇද වැටී මරණයට පත්ව ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇති බව සඳහන් වෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.