clean sri lanka වැඩසටහන යටතේ සිදු කරන්නේ අත්තනෝමතික බස් රථ පරීක්ෂාවක් යැයි කියමින් එයට එරෙහිව මහා වර්ජනයක් කිරීමට පෞද්ගලික බස් රථ සංගම් සූදානම් වන බව වාර්තා වෙනවා.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ හෙට (09) පස්වරුවේ සිට රට පුරා වැඩ වර්ජනය කිරීමට බලාපොරොත්තු වෙන බවයි.
නීතිමය ක්‍රියාමාර්ග අනවශ්‍ය ලෙස ගැනීම නිසා බස් රථ ධාවනයට රියදුරන් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ඔහු පවසනවා.
සියලුම බස් රථ සංගම් සහ සේවකයන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇති බවද සභාපතිවරයා කියා සිටිනවා. ඒ අතර සජබ මන්ත්‍රී ප්‍රකට බස් ව්‍යාපාරික ජගත් විතාන ද වැඩවර්ජනය සිදු කරන බව සඳහන් කරනවා.