පසුගිය 16 දා බදුල්ල දිස්ත්‍රික්කයට සමගි ජනබලවේගයෙන් තරඟ වදින සුසිලා ඩයස් වෙනුවෙන් හාලිඇල පැවැති ජනහමුවකදී අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වින්සන්ට් ඩයස් ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් සිදු කර තිබෙනවා. ඔහු හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ මාමා වන අතර මාමාගෙන් බෑණාට දැඩි විවේචනයක් එල්ල වූයේ බදුල්ලේ තම දේශපාලනය අවුල් කිරීම සම්බන්ධයෙන්.
ඔහුගේ කතාව පහතින්,
“මම හරීන් බදුල්ලට ගෙනත් දැම්මේ පිරිසුදු චේතනාවෙන්. ඒ හොඳ දේශපාලන ගමනක් යන්න යොමු කරන්නයි. හැබැයි එයාගේ පියා හිටියා නම් ඒක කරනවා. නමුත් අවාසනාවකට එතුමා නැති වුණා. මේ යකා ඊට පස්සේ මෝඩයෙක් වුණා. දැන් එයාට වත්තලත් නෑ, බදුල්ලත් නෑ.
අවුරුදු පහක් තිස්සේ මෙහාට එන්නේ නැතිව මෙහෙන් පැනලා ගියා. හරීන් මම ගෙනල්ලා බදුල්ලට දැම්මේ දේශපාලනය කරන්න. හරීන් ගැන මතක් කරනවාටවත් මාමා හැටියට මම කැමති නෑ. මතක තියාගන්න. මේ පාර මැතිවරණයෙන් හොඳ පාඩමක් එයා ඉගෙන ගන්නවා. මම දැක්කා කට්ටිය කියනවා හරීන්ට කනේ පාරක් දෙන්න නම් නැන්දම්මා පාර්ලිමේන්තුවේ වාඩි කරවමු කියලා.
එයා ඉගෙන ගන්න ඕනෑ පාඩමක් මේක. දැන් ඩිලාන් අපේ බදුල්ලේ හෝටල්වලට හොඳට බිස්නස් තිබෙනවා. හැබැයි තාම රෑට කෝල් එකක් දෙනවා. අන්න අතනට එන්න කීවා කෑම වේලක් දෙනවා පැමිණියොත් බොන්න දෙනවා. චාමරයා මිනිසුන්ව විනාශ කරනවා. කසිප්පු ගුලි ගුලි දෙනවා. එයා මෛත්‍රී ගුණරත්නට ෂීට් එක දෙනකොට මම කිව්වා දෙන්න එපා. ආණ්ඩුකාරවරයා මාස තුනයි.
හරිම අවදානම්. ගමේ රත්නායක දන්නේ නෑ. කොහොමද අපි ගිහින් මෙයාව මාර්කට් කරන්නේ. ඒත් අපි ගමට ගියා. මිනිස්සු පිළිගත්තේ නෑ. දාහතරදාහකින් කෙලවා ගත්තා බදුල්ල ආසනය, ඔන්න තත්ත්වය. ඊට පස්සේ මම කීවා ඔයා ආයේ මේ වැඩේ කරන්න එපා ඇවිල්ලා බදුල්ලේ මිනිස්සු එක්ක එකතු වෙලා මේ ගමන යන්න එතකොට අපිත් එක්ක හිටිය එයා මොකද කළේ උඩ තට්ටුවට ගිහින් සජිත් මහත්තයාට කතා කර පැය භාගයකින් විතර ඇවිත් කීවා අන්කල් ඔන්න මම වැඩේ කළා, බැලින්නම් මිනිහා මොකක්ද කරලා තිබෙන්නේ. නැන්දම්මා ඒ පුටුවේ වාඩි කරවලා. අන්න හරි මම ඇන්ටිව වාඩි කළා. මම කොළඹ වත්තලම ඉන්නවා, ආපසු එතැනට ගිය එයා කියනවා අන්කල් ඇන්ටි ලැහැස්ති වෙලා තමයි මේ මිනිස්සු හුරතල් කරන්නේ. මම ඇවිල්ලා පොඩි මියුසිකල් ෂෝ එකක් දාලා පොඩ්ඩක් කන්න බොන්න දුන්නාම ඔක්කොම මගේ පිටි පස්සේ ඉන්නවා කිව්වා. මම කිව්වා එහෙනම් පුතා ඒක කරලා බලන්න. බොහෝම බලාපොරොත්තු තියාගෙන හිටියා. ආණ්ඩුව පැරදිලා නිල නිවසේ තිබූ බඩු අදිනකොටත් මම හිටියා ගෙදර. මෙයා පොඩ්ඩක් කනගාටුවෙන් ඉන්නවා මම ගිහින් කතා කළා. නෑ අන්කල් බය වෙන්න එපා. මම බඩු අරගෙන ගෙදර ගියාට ඊළඟට බඩු අදින්නේ ටෙම්පල් ට්‍රිස් එකට කිව්වා. දැන් ඉතින් අදින්න පුළුවන් ටෙම්පල් ට්‍රිස් එකට නොවැම්බර් 14න් පස්සේ.
එයා තෝරා ගත්තේ අපව විනාශ කරපු රනිල්ව. සජබෙට ඇවිත් බෝනස් ෂිට් එකෙන් පාර්ලිමේන්තුවට ගියේ. අර නානායක්කාර එක්ක එකතු වෙලා ඉස්සර වෙලාම සජිත් අමාරුවේ දාලා පාර්ලිමේන්තුවේ අනික් පැත්තට ගියා. පක්ෂයට කරන්න පුළුවන් හැම හතුරුකමක්ම ඊට පස්සේ කළා.
( බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන)