අවාසනාවන්ත ලෙස නෙළුම් කුළුණෙන් වැටී ඊයේ (07) දින මිය ගිය සිසුවියගේ විස්තර අනාවරණය වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති සිසුවිය කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) හි රත්ද්යා ගුණසේකර නම් සිසුවියක් බවයි හෙළිවන්නේ. ඇය බිමට වැටී ඇත්තේ නෙළුම් කුළුණේ 29 වැනි මහලේ පිහිටි නිරීක්ෂණ තට්ටුවේ සිට බවයි පැවසෙන්නේ.
සී.සී.ටී.වී. දර්ශනවලට අනුව දැරිය 29 වැනි මහලෙන් බිමට පැන ඇති බව කොළඹ නෙළුම් කුළුණු කළමනාකරණ සමාගම තහවුරු කර ඇතැයි වාර්තා වෙනවා.
මිය ගිය සිසුවිය වයස අවුරුදු 15ක් බවත් කොල්ලුපිටිය පදිංචිකාරියක වන ඇය පාසල් ඇරී නිවෙස වෙත නොගොස් හුදෙකලාව මෙම ස්ථානය වෙත පැමිණ තිබෙනවා. සිය නිල ඇඳුම පාසල් බෑගයේ දමාගෙන ඇය පැමිණ ඇත්තේ පාට ඇඳුමක් ඇඳගෙනයි.
29 තට්ටුවෙන් පැන ඇති දැරිය 3 වැනි තට්ටුවේ විවෘත ස්ථානයකට ඇද වැටී තිබෙනවා. මෙම වැටීමෙන් ඇයගේ හිසට බරපතළ හානි සිදුව එතැනම මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.
මෙයට පෙර කොළඹ අල්ටෙයාර් කුළණෙන් වැටී මිය ගිය සිසු යුවළද මෙම පාසලේම සිසු යුවළක් බවයි අනාවරණය වී ඇත්තේ. මෙම දැරිය මේ යුවළගේ සමීපතම හිතවතියවක් බවද පැවසෙනවා. පෙර කී සිදුවීමෙන් පසුව ඇය කළකිරීමෙන් සිටි බවත් යහළුවන්ගේ තුන් මාසේ දානයටද සහභාගි වී ඇති බවත් මේ තීරණය මෙයින් පසුව ගනු ලැබූ එකක් බවත් පැවසෙනවා.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.