Sat. Jun 28th, 2025

උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Jul9,2024

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව තවදුරටත් දීර්ඝ කර තිබෙනවා

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම හෙට (10) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුනෑ

එහෙත් නොවැළැක්විය හේතූන් මත එම දිනය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව එදිනෙන් පසු යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් යොමුකිරීම කල් නොදමන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *