Tue. Jun 24th, 2025

මරණ පරීක්ෂණය කරන්න යද්දී මිනියට පණ ඇවිත් – පොලිසිය හොල්මන් වෙයි

Jun20,2024

මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක සේවය කළ මුරකරුවෙකු මරණයට පත්වී ඇති බවට එම ඉඩමේ අයිතිකරු විසින් පසුගියදා මදුරන්කුලිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකදී පොලීසිය මෙම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට කළ මූලික පරීක්ෂණයකදී එම පුද්ගලයාට ජීවය ඇති බවට හදුනාගත් පොලීසිය ප්‍රතිකාර සඳහා වහා රෝහල්ගත කර තිබෙනවා.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති වරයෙක්

මෙම සභාපතිවරයාට හිමි මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක් මුරකරුවෙකු දීර්ඝ කාලයක සිට සේවය කර ඇති අතර ඉකුත් පසුගිය 17 වැනිදා පොලීසියට මෙම මුරකරු ඔහු සිටින මුර මඩුව තුළම මරණයට පත්ව ඇතිබවට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව මෘත ශරීරයට මැස්සෝ වසා ඇති බවත් මෙම මරණය සම්බන්ධයෙන් කිසිවෙකුත් සැක නැති බවත් පවසා ඇති අතර පොලිස්ථානාධිපතිවරයා විසින් හිටපු සභාපතිවරයා විසින් පවසා ඇත්තේ මෙය අභිරහස් මරණයක් බවත් මෘත ශරිරීරය සම්බන්ධයෙන් විධිමත් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්ය.

තවද මරණයේ අවසන් කටයුතු සහ මරණකරුගේ ඥාතීන් පිළිබඳව සිදුකළ විමසීමකදී ඉඩම් අයිතිකරු විසින් ප්‍රකාශ කර ඇත්තේ ඥාතීන් පිළිබඳව වැඩිමනක් විස්තර නොදන්නා බවත් අවසන් කටයුතු රජයේ මැදිහත් වීමෙන් සහ එම මුදලින් සිදුකරන බවයි.

අනතුරුව ස්ථානාධිපතිවරයා විසින් හදිසි මරණ පරීක්ෂක වරයාට මෙම සිද්ධිය පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිළධාරීන් යොදවා මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට ප්‍රථම සථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

මෙම ස්ථානීය පරීක්ෂණයේදී මරණයට පත්ව ඇතැයි පැවසූ පුද්ගලයාට ජීවයක් ඇතිබව එක් පොලිස් නිළධාරියෙකු විසින් හදුනාගන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිහිසන් නොමැතිව මුරමඩුව තුළ වැටීසිටි මුරකරු පොලීසිය විසින් වහා රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහුගේ තත්වය බරපතල නොවන බවත් මෙම පුද්ගලයා සිහිනැතිව වැටී ඇත්තේ නිරාහාරව සිටීමෙන් හාමත් බවින් හෝ රෝගාතුර තත්වයකින් බවත් රෝහල් ආරංචි මාරග පවසයි.

ඒ අනුව රෝගියා සම්බන්ධයෙන් මෙතෙක් පූරණ නිගමනයකට එළඹ නැති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

‍මෙම වැරදි පැමිණිල්ල පිළිබඳව ගන්නා වු නීතිමය පියවර පිළිබඳව සිදුකළ විමසීමකදී පොලිස්ථානාධිපති වරයා පවසා සිටියේ රෝගියා සම්බන්ධයෙන් ඇතිවන අනතුරු දායක තත්වය හමුවේ පසුව තීරණයක් ගන්නා බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *