Fri. Jun 27th, 2025

පියා පැදවූ ට්‍රැක්ටරයට යටවී දියණිය මරුට

Jun14,2024

මන්නාරම මුරුංගන් පොලිස් වසමේ පූවර්සන්කුලම් ප්‍රදේශයේ ඊයේ (13) සවස කුඹුරු යායක සීසාමින් සිටි පුද්ගලයෙකුගේ ට්‍රැක්ටරයකට ඔහුගේම 8 හැවිරිදි දියණිය යටවීමෙන්  මිය ගොස් තිබෙනවා.

පියා කුඹුර සීසාමින් සිටින අතරතුරදී දියණියටද ට්‍රැක්ටරයට නැගීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

දියණිය ට්‍රැක්ටරයට නංවා ගැනීමෙන් පසුව ට්‍රැක්ටරය නියරක් මතින් යමේදී ඇතිවූ ගැස්සීමෙන් දියණිය ට්‍රැක්ටරයෙන් වැටී එහි රෝදයකට යටවී ඇතැයි සැකපළ කරන බව පොලීසිය පවසනවා.

බරපතල තුවල ලබා සිටි දියණිය මන්නාරම රෝහලට ඇතුලත් කළද ඒ වන විටත් දියණිය මිය ගොස් සිටි බව රෝහල් වෛද්‍යවරුන් පැවසුවා.

දැරියගේ සිරුර මන්නාරම් රෝහලේ පස්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *