ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද මැතිවරණ කොමිසම මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි එහි දැක්වෙන්නේ.
අගෝස්තු 14 වනදා පමණක් මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.
අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ රුපියල් 50,000 මුදලක් ඇප ලෙස තැන්පත් කළ යුතු වනවා.
අදාළ අපේක්ෂකයා වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 75,000ක්.